දක්ෂිණ සමුපකාර අන්තර්ජාල බිහිදොර
Web Portal of Southern Co-Operatives | WPSC
එක්වන්න දකුණේ සුවිශාලතම ප්‍රජා ව්‍යාපාරය සමග

Tamil | English

දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය
www.dakshinacoop.org | www.දක්ෂිණකෝප්.org
National Productivity Award - 2008 - 2009 | Country's Best e-Content: e Swabhimani Award 2009

small logo

what is WPSC

දක්ෂිණ සමුපකාර අන්තර්ජාල බිහිදොර දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියයි. එය දකුණු පළාත් සමුපකාර ව්‍යාපාරය වෙනුවෙන් අන්තර්ජාල පිවිසුමක්ද (web portel) වනු ඇත. දක්ෂිණ සමුපකාර අන්තර්ජාල බිහිදොර සමුපකාර ව්‍යාපාරය වෙනුවෙන් දේශීය භාෂාවන්ගෙන් ඇරඹි පුරෝගාමී වෙබ් අඩවියකි. 2008 වසරේ සැප්තැම්බර් මස දියත්වූ WPSC වෙබ් අඩවිය සමුපකාර ව්‍යාපාරය තොරතුරු තාක්ෂණ පරිසරය වෙත යොමු කිරීම සඳහා ක්‍රියා කරනු ඇත. දෙපාර්තමේන්තුවේ සේවාවන් රැසක්මෙම වෙබ් අඩවිය හරහා ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම සමුපකාර ව්‍යාපාරය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ ව්‍යාප්ති කාර්යය මේවායින් සුවිශේෂ වේ. මෙයට අමතරව සමුපකාර ව්‍යාපාරය මගින් ඉදිරිපත් කෙරෙන නිපයුම් හදුන්වා දීමද වෙබ් අඩවිය ඔස්සේ සිදුවනු ඇත.


Contact Us | අප සමඟ සම්බන්ධ වන්න

About Us | අපි ගැන


NEWS | පුවත්
2008 - 2010 වසරවලට අදාල පුවත් සඳහා මෙම සබැඳියෙන් ඇතුල්වන්න

2011 ජාත්‍යන්තර සමුපකාර දින තේමාව ප්‍රකාශයට පත්වේ
ජාත්‍යන්තර සමුපකාර සංධානය විසින් 2011 ජාත්‍යන්තර සමුපකාර දිනයේ තේමාව ප්‍රකාශයට පත් කර ඇත. මෙවර තේමාව කේන්ද්‍රිතව ඇත්තේ තරුණ ජනයා වෙතටයි.

"Youth, the future of cooperative enterprise"
"තරුණයන්, සමුපකාර ව්‍යවසායේ අනාගතය"

මෙවර තේමාව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර තරුණ වර්ෂය (IYY) හා ද සබඳ වන බව ජාත්‍යන්තර සමුපකාර සංධානය නිවේදනය කරයි. මෙම තේමාව තුලින් ප්‍රකාශ වන්නේ සමුපකාර මොඩලය තුලින් තරුණ ප්‍රජාව සවිබල ගැන්විය හැකි බවයි.

ජාත්‍යන්තර සමුපකාර දිනය පිළිබඳ වැඩිදුර විස්තර ජා.ස.සංධානයේ නිළ වෙබ් අඩවියෙන් ලබාගත හැක.

(2011-03-18)

How to celebrate International Co-Operative Day?

Co-operatives around the world celebrate the Day in many different ways. Below are examples of some of the activities organised by co-operatives around the world:
  • The messages of the ICA and United Nations are translated into local languages and widely disseminated to co-operators, media, government officials at all level.
  • Co-operatives use newspapers and radio programmes to create awareness on their movements and contributions.
  • Co-operative Fairs, exhibits, contests, and campaigns are held.
  • Meetings with government officials, United Nations agencies and other partner organisations are held.
  • Co-operatives partner with community agencies to champion economic, environmental, social and health challenges (blood drives, tree planting, etc.)
  • Cultural events are sponsored - theatre, concerts, etc.

(18-03-2011)

ජාත්‍යන්තර සමුපකාර දින ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමේ
87 හා 88 වන ජාත්‍යන්තර සමුපකාර දිනයන් වෙනුවෙන් සංවිධානය කල තරඟාවලින් ජයග්‍රහණය කල පාසල් සිසු සිසුවියන්, සමුපකාර සමිතිවල සාමාජිකයන් හා සමුපකාර සමිති සේවක සේවිකාවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවය 2010. 12. 30 දින ගාල්ල උත්සව සේවා සමුපකාර සමිතියේ සමෝදා ශාලාවේදී පැවැත්විණි. මෙහිදී ජයග්‍රාහකයින් රාශියක් ත්‍යාග සහ සහිතිකපත් ලබාගත් අතර සමුපකාර ව්‍යාපාරයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.







(2011.01.01)

සමුපකාර සංවර්ධන ඊ සඟරාව සමුපකාර අධ්‍යයනය පිළිබඳව අන්තර්ජාල මාධ්‍යයෙන් සිංහල බසින් ප්‍රකාශයට පත්වන පුරෝගාමී සගරාව සමුපකාර සංවර්ධන ඊ සඟරාවයි. පහත සබැදීන්ගෙන් මෙම සඟරාව කියවිය හැක.
2009 ජනවාරි - ජුනි කලාපය
2009 ජූලි - දෙසැම්බර් කලාපය

අතත්‍ය පොත්හල | Virtual BookShop සමුපකාර ව්‍යාපාරයට වැදගත් මාතෘකා ඔස්සේ ලියවුනු ඊ පොත් අපගේ අතත්‍ය පොත් හලින් (Vertual Book Shop) PDF ලේඛනයක් ආකාරයෙන් නොමිලයේ බාගත කර ගත හැක.

අතත්‍ය පොත්හලට ඇතුලුවන්න

සමුපකාර සංවර්ධන දෙපාරතමේන්තුව - රේඛීය www.coop.gov.lk අඩවි ලිපිනය ඔස්සේ මධ්‍යම රජයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ඇතුලත් විය හැක. සමුපකාර ව්‍යාපාරය සම්බන්ධ අප වෙබ් අඩවියේ නොමැති සම්පත් එම වෙබ් අඩවියේ පැවතීමට හැක. එසේම දිණමින පුවත්පත සමඟ නිකුත් වන සමූප දීපනී අතිරේකය මෙම වෙබ් අඩවිය හරහා කියවිය හැක.

මුද්‍රිත ප්‍රකාශන සමුපකාර ව්‍යාපාරයට අදාල මුද්‍රිත ප්‍රකාශන පිලිබඳ දැනුවත් වීමට මෙම සබැදිය භාවිතා කරන්න

අපගේ සේවාන්අපගේ සේවාවන් ක්‍රියාත්මක වන්නේ පුරවැසි ප්‍රඥප්තියකට අනුවය. මෙම පුරවැසි ප්‍රඥප්තියේ පිටපතක් ඕනෑම සමුපකාර සංවර්ධන උප කොමසාරිස් කාර්යයාලයෙන් හෝ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයාලයෙන් ලබාගත හැක.

තොරතුරු තාක්ෂණිකහා සිංහල බස පිළිබඳ වෙබ් අඩවි http://www.icta.lk/
http://www.siyabas.lk/
http://groups.google.com/group/Sinhala

About Us | Site Map | Report Bugs | Credits | ©2008-2011 Department of Co-Operative Development(sp)