About Us | අපි ගැන
අපේ දැක්ම
෴සංවර්ධනය මුල් කරගත් ඵලදායී සමුපකාර ව්යාපාරයක්෴
අපේමෙහෙවර෴දකුණු පළාතේ සමුපකාර සාමාජිකත්වය මුල් කරගත් ප්‍රජාවගේ ආර්ථික සමාජයීය හා සංස්කෘතික අවශ්‍යතාවයන් උසස් මට්ටමින් ඉටු කරමින් ජාතික සංවර්ධනයේ ප්‍රබල කොටස් කරුවකු වන ලෙස සමුපකාර ව්‍යාපාරය මෙහෙයවීම ෴
දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සමුපකාර ව්‍යාපාරය සඳහා දකුණු පළාතේ පවතින ප්‍රධානතම රාජ්‍ය ආයතනයයි. අප සමුපකාරික ප්‍රජාව සඳහා ව්‍යවස්ථාපිත කාරණාවන් ඔස්සේ මෙන්ම සංවර්ධනාත්මක ප්‍රවේශගත කාරණාවන් ඔස්සේද එක ලෙස අපගේ සේවාවන් ලබා දෙනු ලබයි.
අපගේ කාර්යයන් සඳහා අදාල වන නෛතික පරිසරය
ව්‍යවස්ථා
- 1983 අංක 32 හා 1992 අංක 11 දරණ සංශෝධන පනත් වලින් සංශෝධිත 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනත
- 1992 අංක 51 පනතින් සංශෝධිත 1972 අංක 12 දරණ සමුපකාර සේවක කොමිෂන් සභා පනත
- 1989 අංක 12 දරණ පළාත් සභා (අනුෂාංගික විධි විධාන පනත)
- දකුණු පළාත් සභා ප්රඥප්තීන්
- සමුපකාර සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට්‍රාර් වරයා විසින් නිකුත් කල වක්‍රලේඛ
අභිනියෝජන ව්‍යවස්ථා
- අංක 93/5 හා 1974.01.10 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශිත සමුපකාර රීති මාලාව
- අංක 169/8 හා 1981.12.01 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශිත සමුපකාර සේවක සභා රෙගුලාසි මාලාව
- අංක 297/7 හා 1977.12.28 / අංක 707/14 හා 1992.03.27 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයන්ගෙන් ප්‍රකාශිත ප්‍රාදේශික කාරක සභා පත්කර ගැනීමේ නියෝග
මේවාට අමතරව සමුපකාර සමිතිවල අභ්‍යන්තර අනුනීති වන අතුරු ව්‍යවස්ථා හා කාරක නියෝගද අපගේ කාර්යයන් තුලදී උපයෝගී කරගනු ලබයි.
දෙපාර්තමේන්තුවේ ඉතිහාසය
- 1989 අංක 12 දරණ පළාත් සභා (අනුෂාංගික විධි විධාන පනත) අනුව සමුපකාර විෂයය පළාත් සභා විෂයයක් වීම තුල මෙතෙක් මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වූ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව පළාත් සමුපකාර දෙපාර්තමේන්තු ලෙස විභජනය වීම සිදුවිය. මේ අනුව දකුණු පළාතේ සමුපකාර සමිති පිලිබඳ පූර්ණ වගකීම පැවරෙමින් දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව බිහිවිය.