Virtual BookShop | අතත්‍ය පොත්හල
"දැණුමෙන් සන්නද්ධිත සමුපකාරික ප්‍රජාවක්"
සමුපකාර අධ්‍යයන ක්ෂේත්රයට අදාල විෂයයන් ඔස්සේ ලියවුනු විද්‍යුත් පොත් PDF (Portable Document Format) ගොණු ආකෘතියෙන් පහත සබැඳීන් ඔස්සේ නොමිලයේ අවපතනය (Download) කරගත හැක. නැතිනම් මාර්ගගතව (On Line) කියවිය හැක.අවපතනය හෙවත් බාගත කර ගැනීමකට ඉන්ටනෙට් එක්ස්ෆ්ලෝරා වලදී සබැදිය මතට කර්සරය ගෙනගොස් මූසිකයේ දකුණූ බොත්තම ක්ලික් කර "Save Target As" යන්න වරණය කරන්න. මෙසිල්ලා ෆයර්ෆොක්ස් සිංහල අතුරු මුහුණතේදී "සබැදුම සුරකින අයුරු" යන්න වරණය කරන්න.මාර්ගගත කියවීමකට (On Line Reading) සබැදිය සාමාන්‍ය පරිදි ක්ලික් කරන්න
සමුපකාර අධ්‍යයන ය | තොරතුරු තාක්ෂණය | නිකුත් වීමට නියමිත පොත් | copyright
සමුපකාර අධ්‍යයනය
ප්‍රජාව, ප්‍රජා පාදක සංවිධාන හා සමුපකාර ව්‍යාපාරය
Community, Community Based Organizations and Co-Operative Movement
සමුපකාර ව්‍යාපාරය යනු පූර්ණ ප්‍රජා ව්‍යාපෘතියකි. ඒ තුල සංවර්ධනාත්මක ප්‍රවේශගත කාර්යයන් සිදු කිරීමේදී චර්යා විද්‍යාත්මක විෂයය ක්ෂේත්රයන්ගේ දැනුම් පද්ධතියද සහය කර ගත යුතු වේ. මෙම කෘතිය ඒ සඳහා වන උත්සාහයකි.
අවපතනය කර ගන්න / මාර්ගගතව කියවන්න
සමුපකාර අනන්‍යතාවය පිළිබඳ ප්‍රකාශය - 1995
ICA Statment of Co-Operative Identity - 1995
1995 වසරේදී ජාත්‍යන්තර සමුපකාර සංධානය ප්‍රකාශයට පත්කල සමුපකාර අනන්‍යතාව පිළිබඳ ප්‍රකාශය සමුපකාරය ව්‍යාපාරය පිළිබඳ ප්‍රවර්තනයේ පවතින ප්‍රධාන ලියවිල්ලයි. 2001 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ 2002 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් මෙම ප්රකාශනය අනුමත කර ඇත.
අවපතනය කර ගන්න / මාර්ගගතව කියවන්න
තොරතුරු තාක්ෂණය
ඕපන් ඔෆිස්.org රයිටර්
පද සැකසුම් මෘදුකාංගය
OOo Writer - Word Processing Software
මිල අධික සංවෘත මූල කාර්යයාලීය මෘදුකාංගයන්ට අමිල විකල්පයකි ඕපන් ඔෆිස්.මෙම කෘතිය එම මෘදුකාංග කට්ටලයේ එන පද සැකසුම් මෘදුකාංගය පිලිබඳවයි.ඕපන් ඔෆිස් මෘදුකාංගය නිදහස් හා විවෘත මෘදුකාංග නිර්මානකරණයේ යෙදී සිටින ප්‍රජාවේ නිර්මාණයකි. ප්‍රජා පාදක ව්‍යාපාරයක් ලෙස සමුපකාර ව්‍යාපාරයට වඩාත් ගැලපෙනු ඇත්තේ නොමිලයේ බෙදා හැරෙන ඕපන් ඔෆිස් මෘදුකාංගයයි.මෙය සිංහල බසින් ඕපන් ඹෆිස් පිලිබඳ පලවන පලමු කෘතියයි.
අවපතනය කර ගන්න / මාර්ගගතව කියවන්න
- ඕපන් ඔෆිස් රයිටර් සිංහල භාෂීය අතුරු මුහුනත - 2010 දෙසැම්බර්
ප්‍රකාශන හිමිකම | Copyright
සමහර හිමිකම් ඇවිරිනි
මෙම කෘතීන් නොමිලයේ අවපතනය කර ගැනීමේ, මෘදු පිටපත් (Soft Copy) හෝ දෘඩ පිටපත් (Hard Copy) ලෙස පිටපත් කිරීමේ, හුවමාරු කර ගැනීමේ, බෙදා හැරීමේ සහ මූලාශ්‍රය සටහන්කොට උපුටා දැක්වීමේ නිදහස ඇති අතර වානිජ අරමුනු සඳහා භාවිතය සපුරා තහනම් වේ. කෘතීන් සියල්ලේ ප්‍රකාශන හිමිකම දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සතුවේ.