eCo-Operative | ඊ කෝපරේටිව්
පරිගණක සම්පත් මධ්‍යස්ථානය - මාතර
Computer Resources Center – Matara
මාතර දිස්ත්‍රික් සමුපකාර මණ්ඩල පරිශ්‍රය
මැද්දවත්ත, මාතර
දකුණු පළාත් සභාවේ උපමාන පාදක වැය යටතේ ස්ථාපිත කර ඇති මෙම පරිගණක සම්පත් මධ්‍යස්ථානය දකුණු පළාත තුල සමුපකාරික ප්‍රජාවගේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇත.
පාඨමාලාවල අරමුණු
සමුපකාර ව්‍යාපාරය තුල සේවය කරන විවිධ මට්ටම්වලට අයත් නිළධාරීන් හා නායකත්වයේ පරිගණක සාක්ෂරතාවය වර්ධනය කිරීම හරහා නවීන ලෝකය හා බද්ධවූද, කරට කර සිටින්නාවූද ව්‍යාපාරයක් බවට සමුපකාර ව්‍යාපාරය ඔසවා තැබීම
කාර්යයාල මෘදුකාංග පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව
කාර්යයාල මෘදුකාංග පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව මෙම මධ්‍යස්ථානය මෙහෙයවන මූලික වැඩසටහනයි. මෙයට අමතරව කාලීන අවශ්‍යතා අනුව කෙටි කාලීන වැඩමුළු සංවිධානය වනු ඇත.
ඉලක්ක කන්ඩායම
සමුපකාර සමිතිවල ලිපිකරු හා සමාන්තර ශ්‍රේණිවල නිලධාරීන් ගේ සිට ඉහල මට්ටමේ තනතුරු දරන්නන් හා සමුපකාර සමිතිවල අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්.
ඇතුලත්වීමේ සුදුසුකම්
සමිති නිළධාරීන්
අපොස සා/පෙළ ගණිතය, සිංහල භාෂාව හා ඉංග්‍රීසි භාෂාව යන විෂයයන් ඇතුලත්ව විෂයන් 06 කින් සමත්ව තිබීම (ඉංග්‍රීසි පිළිබඳ දැනුම වෙනත් සහතික මගින්ද ඉදිරිපත් කල හැක)
හෝ
සමුපකාර සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්ව සිටීම
හෝ
අපොස (උ/පෙළ) විෂයන් තුනක් සමත්ව සිටීම
අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්
සමිතියක අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස දැනට කටයුතු කරමින් සිටීම
පාඨමාලා ක්‍රමවේදය
මෙම පාඨමාලා සංවර්ධනය කර ඇත්තේ මොඩියුල ක්‍රමයකට අනුව වන අතර මොඩියුල අංකයන් පෙල ගස්වා ඇත්තේ මූලික දැනුමක සිට ඉදිරියට යාම සඳහාය. එක් එක් මොඩියුලය සඳහා සහභාගිත්වය පිළිබඳ සහතිකයක් නිකුත් කරනු ඇත. . මොඩියුලයන් සියල්ල සම්පූර්ණ කල විට කාර්යයාල යෙදවුම් මෘදුකාංග පිළිබඳ සහතිකය නිකුත් කරනු ඇත.
මෘදුකාංග තෝරා ගැනීම
සමුපකාර ව්‍යාපාරයට මෙන්ම පුහුණු ලාභීන්ට පුද්ගලික මට්ටමින්ද භාවිතයට වැදගත්වන මෘදුකාගයන් පිළිබඳ දැණුමක් ලබාදීම පාඨමාලාවල ඉලක්කයයි. මේ නිසා Windows මෙහෙයුම් පද්ධතියට අමතරව නිදහස් හා විවෘත මෙහෙයුම් පද්ධතියක් වන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පිළිබඳ දැනුමද. කාර්යයාල යෙදවුම් කට්ටලය ලෙස MS Office මෘදුකාංගයට අමතරව නිදහස් හා විවෘත මෘදුකාංග ගණයට අයත් මෙහෙයුම් පද්ධතීන් ගනනාවක් මත හොදින් ක්‍රියාත්මකවන OpenOffice.org මෘදුකාංග කට්ටලය පිලිබඳව දැනුමක්ද පාඨමාලාව තුලට අන්තර්ගතකර ඇත.
විෂයය නිර්දේශය / මොඩියුල සැකැස්ම
මොඩියුල අංකය හා ගාස්තුව |
විෂයය |
දේශන පැය ගණන |
1 රු 3500
|
මොඩියුල නාමය විශයය මාලාව |
For OS – 32 For WP - 24 |
2 රු 3000 |
මොඩියුල නාමය |
48
|
|
|
104 |
සම්පූර්ණ පාඨමාලා කාලය
පැය 104
පුහුණු ලාභීන් ප්‍රමාණය
එක් කණ්ඩායමකට පුහුණු ලාභීන් 09 දෙනෙකු පමණි
උපදේකවරුන්
පරිගණක විද්‍යාව පිලිබඳ සුදුසුකම් සහිත උපාධිධාරීන් විසින් දේශන මෙහෙයවනු ඇත
සම්බන්ධීකරණය
සමන් විජේසිංහ මහතා
සමුපකාර සංවර්ධන උප කොමසාරිස් කාර්යාලය
මාතර
දුරකථන අංකය : 041-2222329
ෆැක්ස් : 041-2222329
විද්‍යුත් තැපෑල : acmatara@gmail.com
ක්ෂණික ඇමතුම් :- 071 - 4462744
වැඩිදුර විස්තර සඳහා ඉහත ක්ෂණික ඇමතුම් අංකයෙන් සමන් විජේසිංහ මහතා අමතන්න.
පාඨමාලා ආරම්භය
නව පාඨමාලා ඇරඹුම පිලිබඳව www.dakshinacoop.org වෙබ් අඩවියේ නිවෙස්න පිටුව තුලින් / ලිපි මගින් සමුපකාර සමිති වෙත දැනුම් දෙනු ඇත.