වතු සේවක නිවාස සමුපකාර සමිති | Estate Worker's Housing Co-Operative Societies
වතු සමාගම් ආශ්‍රිතව සේවය කරන කමුකරු ප්‍රජාව වෙනුවෙන් ගොඩ නගා ඇති සමුපකාර සමිති වතු නිවාස සේවක සමුපකාර සමිති නමින් හැදින්වේ. මෙම සමිති බොහෝ විට බහු කාරයය සේවාවන් වල නිරත වෙති. සකසුරුවම් හා ණය ගණුදෙනු කටයුතු සහ පාරිභෝගික ද්‍රව්‍ය වෙළදාම මේවායින් ප්‍රධාන තැන ගනී. දුශ්කර දිවි පෙවෙතක් ගත කරන ප්‍රජාවක් වෙත සාධාරණ මිලට පාරිභෝගික ද්‍රව්‍ය සැපයීමත්, බැංකු ව්‍යාපාර විසින් නොසලකා හරින ප්රජාවකට ණය සේවා සැපයීමත් මෙම සමිතිවල විශේෂත්වය වේ. මෙම සමිති වතු ආශ්රිත සුභසාධන සේවාවල එක් කොටසක් ලෙසද සැලකිය හැක.
දකුණු පළාත තුල වතු නිවාස සේවක සමුපකාර සමිති රැසක් කටයුතු කරන අතර දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම සමිති වෙත සමීප අවධානයකින් යුතුව සිය සේවා සපයයි.
සමිතිවල පරමාර්ථ
මෙම සමිතිවල පරමාර්ථ වක්නේ සමුපකාර ප්‍රතිපත්ති වලට අනුකූලව සාමාජිකයන්ගේ ආර්ථික, සාමාජික, සංස්කෘතික හා සුභ සාධක හැකියාවන් වර්ධනය කිරීමත්, සාමාජිකයන්ට යහපත් ජීවන තත්වයක් පවත්වාගෙන යාමට මූලික වන නිවාස අවශ්‍යතාවයන් සපුරා ලීමත්, සාමාජිකයන් තුල සකසුරුවම් කම, අන්යොධාරය, ආත්මාධාරය. සහජීවනය හා මානව දයාව පිළිබඳ හැගීම් හා ව්‍යාපාරය වර්ධනය කිරීමත්, එතුලින් සමුපකාර සමාජයක් ස්ඛාපිත කිරීමත්ය.
බලතල
ඉහත පරමාර්ථ ඉටුකර ගැනෑමට සමිතිවලට පහත බලතල ලැබේ.
- සාමාජිකයන්ගේ නිවාස අවශ්‍යතාවයන් සබුරා ලීමට පාදක වන සැලසුම් පිළියෙල කර ක්‍රියාත්මක කිරීම
- සාමාජිකයන්ගේ නිවාස හා වතුවල භාරකරු ලෙස කටයුතු කිරීම
- සාමාජිකයන්ගේ නිවාස අළුත් වැඩියා කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම, පුනුරුත්ථාපකය හා වැඩිදියුනු කිරීම
- සාමාජිකයන් සඳහා නව නිවාස ඉදිකිරීමට අවශ්‍ය නව ඉඩම් අත්පත් කර ගැනීම, සංවඑර්ධනය කිරීම හා වැඩි දියුණු කිරීම
- නිවාස ඉදිකිරීමට අවශ්‍ය ගොඩනැගිලි දුව්‍ය සපයා දීම, නිවාස සැලසුම්, විණුම් වාර්තා, වෙනත් අදාල වාර්ථා සකස්කර දීම හෝ ලබා දීමට ආධාර කිරීම.
- පිළිගත් කුලී බදු හෝ හෝ ණය ක්‍රමය යටතේ සාමාංිකයන්ට නිවාස විකිනීම, බදු දීම හෝ වෙනත් ආකාරයෙන් පැවරීම,
- සාමාජිකයින්ට නිවාසවල හෝ ගෙවතුවල අයිතිය පවරා දෙන තුරු එම නිවාස හා ගෙවතු නඩත්තු කිරීමනිවාස ඉදි කිරීම, අළුත්වාඩියා හා පුනුරුත්ථාපනය හා වැඩි දියුණු කිරම සඳහා පිළිගත් ක්‍රමයක් යටතේ ණය පහසුකම් සැලසීම
- සාමාජිකයන් ජීවත්වන පරිසර පහසුකම් සැපයීමට හා සංවර්ධනය කිරීමට අදාල මංමාවත්, ජලය, උද්‍යාන, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් සැලසීම හා නඩත්තුව
- සමිතියේ අරමුණු ලගා කර ගැනීමට අවශ්‍ය වන අරමුදල් සාමාජිකයන් ලෙන් හා වෙනත් මාර්ග වලින් ලබා ගැනීම
- සමිතියේ අවශ්‍යතාවය පරිදි චංචල හා නිශ්චල දේපල අත්පත්කර ලැනීම හා නිශ්පාදනය කිරීම
- ඉහත පරමාර්ථ ඉටුකර ගැනීමට යෝග්‍ය වෙනකත් සුදුසු කටයුතු නීතිමය සීමාවන් තුල කිරීම
