ධීවර සමුපකාර සමිති | Fisheries Co-Op's
ධීවර ප්‍රජාව ලංකාවේ ආර්ථිකයට මහගු දායකත්වයක් සපයන කොටසක් බවට විවාදයක් නැත. මෙම ප්‍රජාව ප්‍රධාන ලෙස කොටස් ද්විත්වයකින් හදුනා ගත හැක. එනම් සමෘද්රික ධීවර කර්මාන්තයේ නියලෙන්නන් හා මිරිදිය ධීවර කර්මාන්තයේ නියලෙනන් වශයෙනි. මෙම ප්‍රජාවන් ද්විත්වයම සමුපකාර ක්‍රමය යටතේ සංවිධානය වී ඇත. අප ඒවා ධීවර සමුපකාර සමිති ලෙස හදුනා ගනිමු. ධීවර ප්‍රජාවට වැදගත් ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන්ගේ සිට ධීවර ප්‍රජාවට අවශ්‍ය ආම්පන්න සම්පාදනය හා සමහර අවස්ථවල පාරිභෝගික ද්‍රව්‍ය සම්පාදනය දක්වා කාර්යයන්හි මෙම සමිති නිරත වෙති. වඩා ජනප්‍රියම කාර්යය වන්නේ මූල්‍ය සේවා සම්පාදනයයි. එහිදී එදිනෙදා ධීවර කටයුතු වලට අවශ්‍ය ණය පහසුකම් මෙන්ම සමිතියේ ධාරිතාව අනුව බහුදින යාත්‍රා මිලට ගැනීමට අවශ්‍ය ණය මුදල් දක්වා මෙම ණය නිකුතුවේ ස්වාභාවය වර්ධනය වී ඇත. එසේම ධීවර ප්‍රජාවේ තාක්ෂණික කුසලතා වර්ධනයටද හැකි පමණින් දායක වීමට මෙම සමිති කටයුතු කරනු දැකගත හැක.
දකුණු පළාත තුල පරිපාලන දිස්ත්රිකක ත්‍රිත්වයේම ධීවර සමිති රැසක් විසිරී ඇත. මෙම කාර්යයන් හිදී ධීවර දෙපාර්තමේන්තුව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ සහයෝගීව කටයුතු කරීම සම්ප්රදායයි. ඒ තුලින් වඩා ඵලදායී සේවාවක් ධීවර ප්‍රජාව වෙත සම්පාදනයට අවස්ථාව හිමිවේ.
