Our Team | අපේ කණ්ඩායම
සමුපකාර ව්‍යාපාරයේ සංවර්ධන කාර්යයන් උදෙසා ක්‍රියාත්මක වන වෘත්තිකයන් ගෙන් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සමන්විතවේ. දෙපාර්තමේන්තු ප්‍රධානියා සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා වන අතර ඔහු යටතේ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරුන් හා සමුපකාර සංවර්ධන උප කොමසාරිස් වරුන් කටයුතු කරයි.දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙයුම් කටයුත්ත සඳහා දායක වන තාක්ෂණික කන්ඩායම වන්නේ සමුපකාර සංවර්ධන නිළධාරී / සංවර්ධන සහකාර / වැඩසටහන් සහකාර යන වෘත්තීන් ත්‍රිත්වය වේ. ඔවුන් බිම් මට්ටමේ සිට සමුපකාර සමිති සඳහා දෙපාර්තමේන්තු වෙන් ඉටු විය යුතු කටයුතු මෙහෙයවයි.
ප්‍රධාන කාර්යයාලය
- සමුපකාර සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට්‍රාර්
- සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් - පාලන
- සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් - මුදල්
- සමුපකාර සංවර්ධන උප කොමසාරිස්
- සමුපකාර සංවර්ධන දිස්ත්‍රික් නිලධාරී
- පරිපාලන නිලධාරී
- මූලස්ථාන සමුපකාර සංවර්ධන නිලධාරී
- ප්‍රධාන රාජ්‍ය කලමනාකරණ සහකාර
- සමුපකාර සංවර්ධන නිළධාරී / සංවර්ධන සහකාර / වැඩසටහන් සහකාර /රාජ්‍ය කලමනාකරණ සහකාර වරු හා අනෙත් කාර්යය මණ්ඩලය
ගාල්ල / මාතර / හම්බන්තොට දිස්ත්‍රික් කාර්යයාල
- සමුපකාර සංවර්ධන උප කොමසාරිස්
- සමුපකාර සංවර්ධන දිස්ත්‍රික් නිලධාරී
- මූලස්ථාන සමුපකාර සංවර්ධන නිලධාරී
- ප්‍රධාන රාජ්‍ය කලමනාකරණ සහකාර
- සමුපකාර සංවර්ධන නිළධාරී / සංවර්ධන සහකාර / වැඩසටහන් සහකාර /රාජ්‍ය කලමනාකරණ සහකාර වරු හා අනෙත් කාර්යය මණ්ඩලය
සමුපකාර සංවර්ධන නිළධාරී / සංවර්ධන සහකාර / වැඩසටහන් සහකාර ප්‍රධාන කෘත්‍යයයන්
- විගණනය / කලමනාකරණ උපදේශනය Auditing / Management Consultation
- සමාජ සජීවීකරණය Social Mobilization
- වැඩිහිටි අධ්‍යාපන කටයුතු Adult Education
- ආරවුල් තීරකකරණය / සමථකරණය Arbitration / Mediation
- ව්‍යවස්ථාපිත කෘත්‍යයන්
