නව සමිතියක් ලියා පදිංචි කරන්නේ කෙසේද?
ඔබ සමුපකාර ක්‍රමය හා බැදී කටයුතු කිරීමට කැමතිද? ඒ සඳහා උදව් කරන්නට අප සූදානම්. සමුපකාර සමිතියක් යනු සමුපකාර ප්‍රතිපත්ති හා සාරධර්ම මත පදනම් වූ ආයතනයක්. සමුපකාරය යනුන පිළිබඳ නිර්වචන අප වෙබ් අඩවියේ ඇති සබැදීන් රැසකම අන්තර්ගතව තියෙනවා. ඒ වගේම සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය හා ස්වාභාවය මෙම වෙබ් අඩවියේ හා වෙබ් අඩවිය මගින් මෙන්ම බාහිරට ලබා දී ඇති සබැදීන් මගින්ද ලබා ගන්න පුළුවන්.
නව සමිතියක් ලෙස ලියාපදිංචි කරන්නේ මාස හයක් වත් සමුපකාර සමිතියක් ලෙස පරිවාසකාලයක් පසුකර ශක්‍යතාවක් පෙන්වූ සමිතියි. ඔබ කණ්ඩායමක් නව සමුපකාර සමිතියක් ගොඩ නගනවා නම් එහි අවම ලෙස සාමාජිකයින් දස දෙනෙක් වත් සිටිය යුතුයි. නමුත් එය අවමය මිස අවශ්‍ය ප්‍රමාණය නොවන බව ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. මන්ද සමිතියක් ශක්තිමත් වීමට ක්‍රියාකාරී සාමාජිකයන් රැසක් සිටිය යුතු බව අපේ අත්දැකීමයි. එසේම එක් බල ප්‍රදේශයක් තුල සමාන වර්ගයේ සමිති දෙකක් පිහිටුවන්න බැහැ. මේ අනුව යෝජිත බල ප්‍රදේශය තුල සමාන සමිති නොතිබිය යුතුයි. එසේම ඔබ කණ්ඩායමේ ව්‍යාපෘතිය තිරසාර එකක් වීම අත්‍යාවශ්‍යයයි.
සමුපකාර පනත යටතේ ලියාපදිංචියෙන් සමිතියකට නීතිමය පුද්ගල භාවයක් හිමිවනවා. වාර්ෂික විගණනය කොමසාරිස්වරයා පත්කරන විගණක වරයෙක් විසින් නොමිලයේ සිදුකරනවා. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් හා සමුපකාර සංගම් වලින් බහුවිධ සේවාවන් රැසක් ලැබෙනවා. ඔබ දිවිගෙවන ප්‍රදේශයේ ප්‍රජාවගේ එකමුතුව හා සහයෝගීතාවය වර්ධනය වීම සංස්කාතිකමය ප්‍රතිලාබයක්. එසේම ඔබ එක්වන්නේ ජාත්‍යන්තරව ව්‍යාප්ත ලෝකයේ විශාලතම ස්වේච්ඡා සංවිධානය සමග. නව සමිතියක් ලියාපදිංචිය හා අපගේ අනෙක් සේවාවන් සඳහා අවශ්‍ය ලේඛන දැනගන්න මෙම සබැදිය ක්ලික් කරන්න. නව සමිතියක් ලියාපදිංචියට අවශ්‍ය පෝරමය මෙතනින් බාගත කර ගන්න. වැඩි විස්තර දැන ගැනීමට ප්‍රදේශය බාර සමුපකාර සංවර්ධන නිළධාරියා හමුවන්න. දුරකතනයෙන් අප දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යයාල අමතා වැඩිදුර විස්තර ලබාගත හැක. දුරකතන අංක මෙතනින් ලබා ගන්න
