පාසැල් සමුපකාර සමිති | School Co-Op
සමුපකාරය ව්‍යාප්ත කිරීම ඇරඹිය යුත්තේ කුඩා කල පටන්ම යන සිතුවිල්ල මත පාසල් සමුපකාර සමිති ගොඩනැගී ඇත. සිසුන් විසින් විදුහල් පති ඇතුලු ගුරු මණ්ඩලයේ දායකත්වය මත මෙම සමුපකාර සමිතිවල කටයුතු සිදුකරයි. මෙම සමිතිවල අතුරු ව්‍යවස්ථාවද සාමාන්‍ය සමිති වල අතුරු ව්‍යවස්ථාවට වඩා වෙනස් මුහුණු වරක් ගන්නා අතර සිසුන් වෙත සමුපකාර ව්‍යවසාය පිළිබඳව පරිචයක් මෙම සමිතිය ඔස්සේ ලබා දීම එම අතුරු ව්‍යවස්ථාවේ අරමුණයි. ඔවුන් වැඩිහිටි පුරවැසියන් ලෙස පාසලින් නික්මෙන විට අනාගත සමුපකාරික නායකත්වය නිර්මාණය වේ යයි බලාපොරොත්තු වෙමු.
පාසල් සමුපකාර සමිති පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් සමුපකාර සංවර්ධන ඊ-සඟරාවේ 2009 ජූලි - දෙසැම්බර් කලාපයේ පලවී ඇත.
පරමාර්ථ
පාසල් සමුපකාර සමිතිවල පරමාර්ථ වන්නේ සමුපකාර ප්‍රතිපත්ති හා සංකල්ප වලට අනුකූලව ස්වකීය සාමාජිකයන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා සුභ සාධන අවශ්‍යතාවයන් සපුරා ලීමත්, සමුපකාර ක්‍රමය භාවිතයේ යෙදවීමත්, විදයාලය තුල සමුපකාර ගති ලක්ෂණ ප්රචලික කිරීමත්, නිර්මාණශීලී නායකයන් බිහි කිරීමත් සවිඥානකව කටයුතු කරන ක්‍රියාශීලී පුරවැසියන් පිරිසක් සාධනය කිරීමත්ය.
බලතල
ඉහත පරමාර්ථ ඉටුකර ගැනීමට අවශ්‍ය වන කටයුකු මෙන්ම, ස්වකීය සාමාජිකයන්ගේ අභිවෘද්ධිය සඳහා වන නිශ්පාදන, අලෙවි, අධ්‍යාපන පුහුණු, බැංකු ක්ෂේත්රයන්හි කටයුතු සමුපකාර නීතියේ විධි විධානයන්ට යටත්ව ආරම්භ කිරීමට, පවත්වාගෙන යාමට හා ඇගයීමටත් යම් අවස්ථාවල යම් ව්‍යාපාර අතහැර දැමීමටත්, විද්‍යාලීය සංවර්ධනය උදෙසා යම් ක්‍රියාකාරකම් හි යෙදීමටත් බලය ඇත.
සාමාජිකත්වය
- විද්‍යාලයේ 7 වසර හෝ ඊට ඉහල වසරක ඉගෙණුම ලබන ශිෂ්‍ය ශිෂයාවන්
- විද්යාගයේ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින්
- විද්‍යාලය හැරගොස් වසර 5 ක් නොඉක්මවූ ආදි ශිෂ්‍යයින්
ව්‍යාපාරික කටයුතු
- භෝජනාගාරය පවත්වාගෙන යාම
- වෙළඳ සැල් පැවැත්වීම
- සමුපකාර ගොවි පලක් පවත්වාගෙන යාම
- සාමාජික නිශ්පාදන හා අළෙවි හලක් පැවැත්වීම
- පාරිසරික තාක්ෂණ පුහුණු කටයුතු පැවැත්වීම
- ජීවන කුශලතා වර්ධන මධ්‍යස්ථාන පැවැත්වීම
- ව්‍යාපාරික අවබෝධය ලබා දීමේ කටයුතු පැවැත්වීම
- පරිසර වැඩසටහන් පැවැත්වීම
- අධ්‍යාපනය සඳහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
කළමනාකරණ සංවිධානය
සමිතියේ අග්‍ර කලමනාකරණය සමිති කාරක සභාවයි. සමිතියේ කාරක සභාව 11 දෙනෙකුගෙන් යුතු අතර එහි සංයුතිට පහත පරිදිය
- සමිතියේ සභාපතිවරයා
- සමිතියේ මහ සභා රැස්වීමේදී තොරා පත්කර ගන්නා ශිෂ්‍ය සාමාජිකයන් වෙනුවෙන් 06 දෙනෙකු
- සමිතියේ මහ සභා රැස්වීමේදී තොරා පත්කර ගන්නා ගුරු සාමාජිකයන් අතරින් දෙදෙනෙකු
- පාසල් සංවර්ධන සමිතිය වෙනුවෙන් විදුහල්පතිවරයා නම් කරන දෙගුරුන් හක් අයෙකු
- ආදි ශිෂ්‍යයන් යෙනුවෙන් විදුහල්පති වරයා නම් කරන හක් අයෙකු.
තනතුරු
- විද්‍යාලයේ විදුහල්පතවරයා නිළ බලයෙන් සමිතියේ සභාපතිවරයාවේ. නමුත් කාර්යය බහුලත්වය මත මෙම තනතුර සඳහා ආචාර්යය මණ්ඩල සාමාජිකයෙකු හෝ ශිෂ්‍ය සාමාජිකයෙකු නම් කිරීමේ බලය ඔහුට ඇත.
- ශිෂ්‍ය කාරක සභිකයන් හෝ ආදි ශිෂ්‍ය කාරක සභිකයන් අතරින් අයෙකු උප සභාපති ලෙස පත්වේ.
- ශිෂ්‍ය කාරක සභිකයන් හෝ ආදි ශිෂ්‍ය කාරක සභිකයන් අතරින්දෙදෙනෙකු සම ලෙකම්වරුන් ලෙස පත්වේ.
- භාන්ඩාගාරික තනතුර සඳහා පත් වනුනේ ආචාර්ය මණ්ඩල කාරක සභිකයෙකි.
මෙම පිටුව පාසල් සමුපකාර සමිති පිළිබඳව විශේෂ අවධානයකින් යුතුව කටයුතු කිරීම සඳහා නිමවා ඇත
පාසල් සමුපකාර සමිති සහිත පාසල් වල වෙබ් අඩවි
සවුත්ලන්ඩ් බාලිකා විදුහල - ගාල්ල
