සමුපකාර සමිති සංගම් | Co-Operative Unions
ප්රාථමික සමිතිවලට සේවා සැපයීම සඳහා ප්රාථමික සමිති වල එකතුවෙන් සමුපකාර සංගම් හෙවත් ද්විතීක හා තෘතීක මට්ටමේ සමුපකාර සමිති ගොඩ නැගේ. ද්විතීක මට්ටමේ සමුපකාර සමිති ලෙස ප්රාථමික සමිති එකතුවක් ලෙස දැක්විය හැකි වන විට තෘතීයක මට්ටමේ සමුපකාර සමිති ලෙස හදුනා ගත හැකි වන්නේ ද්විතීයක මට්ටමේ සමිති නැවත සමුපකාර සමිතියක් ලෙස එක් වීමකි. සමුපකාර සමිති සංගම් විෂයය ක්ෂේත්රය මත ගොඩ නැගුණු සංගම් හා පොදු සංගම් ලෙසද වෙන්කර හදුනා ගත හැක. උදාහරණ ලෙස ධීවර සමුපකාර සමිති සංගමයක් ප්රාථමික ධීවර සමිති එකතුවෙන් විෂයය ක්ෂේත්රයක් මත ගොඩ නැගෙන විට දිස්ත්රික් සමුපකාර මණ්ඩලය ගොඩ නැගෙන්නේ සෑම සමුපකාර සමිතියකටම පොදු වේදිකාවක් ලෙසිනි.
දකුණු පළාත තුල ලියා පදිංචි සමුපකාර සමිති සංගම් ලේඛනය පහත දැක්වේ.
- සී/ස ගාල්ල දිස්ත්රික් සමුපකාර මණ්ඩලය
- සී/ස මාතර දිස්ත්රික් සමුපකාර මණ්ඩලය
- සී/ස හම්බන්තොට දිස්ත්රික් සමුපකාර මණ්ඩලය
- සී/ස ගාල්ල දිස්ත්රික් සකසුරුවම් හා ණය ගණුදෙනු සමුපකාර සමිති සංගමය
- සී/ස මාතර දිස්ත්රික් සකසුරුවම් හා ණය ගණුදෙනු සමුපකාර සමිති සංගමය
සී/ස හම්බන්තොට දිස්ත්රික් සකසුරුවම් හා ණය ගණුදෙනු සමුපකාර සමිති සංගමය - සී/ස ගාල්ල දිස්ත්රික් ග්රාමීය බැංකු සංගමය
- සී/ස මාතර දිස්ත්රික් ග්රාමීය බැංකු සංගමය
- සී/ස හම්බන්තොට දිස්ත්රික් ග්රාමීය බැංකු සංගමය
- සී/ස මාතර දිස්ත්රික් තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිති සංගමය
- සී/ස ගාල්ල දිස්ත්රික් ධීවර සමුපකාර සමිති සංගමය
- සී/ස මාතර දිස්ත්රික් ධීවර සමුපකාර සමිති සංගමය
- සී/ස හම්බන්තොට දිස්ත්රික් ධීවර සමුපකාර සමිති සංගමය
